Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මේ දිනවල වහින වැස්සට එපා කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

4 years ago

සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල දූලි අංශු ප්‍රමාණය සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වනවිට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි සඳහන් කළේ මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණයක් පැළඳීම ඉතා යෝග්‍ය බවයි.

මෙම තත්ත්වයත් සමඟ මේ දිනවල ඇඳ හැලෙන වර්ෂාවට අහිතකර අංශු එක්වී ඇති බැවින් එම වැසිවලට නොතෙමී සිටින ලෙස දන්වමින් සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත් සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් පළ කළා.

ඔහු සඳහන් කර සිටියේ සුළු වශයෙන් එවැනි බලපෑමක් මෙම තත්ත්වය තුළ ඇතිවිය හැකි බවයි.

මුඛ ආවරණයක් භාවිත කිරීම තුළින් මෙම තත්ත්වයෙන් මිදීමට හැකියාව පවත්න බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.


hits : ජනපති මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිට දෙහි කපයි