Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට වායූ දූෂණ මට්ටමෙහි නවතම තත්ත්වය පිළිබඳව ජනතාවට දැනුම්දීමක්

4 years ago

දිල්ලි නුවර අයහපත් වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ බලපෑම ක්‍රමයෙන් බැහැරව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

එම ආයතනය පවසන්නේ ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ වායු දූෂණ මට්ටමට වඩා මේ වනවිට වායු දූෂණ මට්ටම විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවය.

ඉන්දියාවේ වායු දූෂණය ඉහළයාමෙන් බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව ඊයේ දිනය වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්විය.

යාබද ප්‍රාන්තවල ගොවීන් අස්වනු නෙලීමෙන් අනතුරුව පිදුරු ආදී අවශේෂ පුළුස්සා දැමීම හා දීපාවලී ආගමික උත්සවය වෙනුවෙන් ගිනිකෙළි දැල්වීමෙන් පිටවූ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර වායුන් ද වායුගෝලයට එක්වීමෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ වායු දූෂණය මෙලෙස ඉහළ ගොස් තිබේ.

දිල්ලි අගනුවර වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ අහිතකර සියුම් අංශු 400ක් පමණ හඳුනාගෙන ඇති අතර, එය සාමාන්‍යයෙන් පැවතිය යුතු වන්නේ අහිතකර වායු අංශු 50ක අඩු මට්ටමකය. 

සෞඛ්‍ය අංශ ඊයේ දිනයේ මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියේ විෂ වායු ආඝ්‍රාණයවීම නිසා ඇතැම් විට මරණ පවා සිදුවිය හැකි බැවින් හැකිතාක් දුරට නිවෙස් තුළ රැඳීසිටින ලෙසටය.