Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධික ශීතල නිසා කිරි ගවයින් 165කට දිවි අහිමි වෙයි

4 years ago

අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනී‍මට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165ක් හා එළුවන් 07 දෙනෙකු මියගොස් ඇතැයි කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොන්නගර් ග්‍රාමයේ ජනතාව පවසයි.

කිරිගවයින් ගවමඩු තුල ගාල්කොට සිටියදී එලෙස සීතල දරාගැනීමට නොහැකිව කුඩා පැටවුන් සහ දෙනුන් මියගොස් ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

අයහපත් කාලගුණික තත්වය සමඟ ඇතිවූ ශීත කාලගුණික තත්වය හේතුවෙන් දින දෙකක කාලයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා අඩුවී තිබූ බව කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූයේ සීතල කාලගුණික තත්වය හේතුවෙන් මියගිය සතුන් ප්‍රමාණය තවත් ඉහලයා හැකි බවත්ය.

සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරාගැනීම සඳහා ගොවීන් තැනතැන විශාල ගිනිසෑයවල් නිර්මාණය කරමින් ගවයින්ට උණුසුම ලාබාදීමට කටයුතු කරන බවද ප්‍රදේශවාසීන් පැවසීය.