Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මියගිය පුතා බලන්න රට ඉඳලා ආව මවට පියාගෙන් මන්න පහර

4 years ago

තම මියගිය පුතුගේ තෙමස් පිංකමට සහභාගි වීමට පිටරටක සිට පැමිණි තම බිරිඳ මන්නයකින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකු ඔහුද සියදිවි හානි කරගෙන ඇති සිද්ධියක් ගොකරැල්ල පොලිසියෙන් වාර්තා වෙනවා.

පවුල් ආරාවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

ඝාතනයට ලක්වූ කාන්තාව දිගු කාලයක් විදේශයක රැකියාවක් කරමින් සිට ඇති අතර මීට මාස තුනකට පෙර හදිසි අනතූරකින් මිය ගිය 19 හැවිරිදි තම වැඩිමහල් පුත්‍රයාගේ තෙමස් දානයට සහභාගි වීමට පසුගිය මස 12 වන දින මෙරටට පැමිණ තිබෙනවා.

විවාහයෙන් වෙන්ව සිටි සැමියා හොර රහසේ රාත්‍රියේ කාන්තාව පදිංචිව සිටි නිවස තුළට පැමිණ කාමරය තුළදීම ඇයට මන්නයකින් පහරදී කපා කොටා මෙසේ ඝාතනය කර ඇති බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වෙන්නේ .