Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනවාරියේ සිට තරුණ තරුණියන්ට නොමිලේ කොන්ඩම් ලැබෙන රට

4 years ago

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) පැතිරීම අවම කිරීමේ ප්‍රයත්නයක් ලෙස ප්‍රංශයේ තරුණ තරුණියන්ට ලබන වසරේ සිට නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි බව ජනාධිපති එමානුවෙල් මැක්‍රො ඊයේ (08) පුකාශ කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජනවාරි 1 දා සිට එරට ෆාමසිවලින් වයස අවුරුදු 18 සිට 25 දක්වා තරුණ තරුණියන්ට කොන්ඩම් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපති මැක්‍රෝ තරුණයින්ගේ සෞඛ්‍යය පිළිබඳ උත්සවයක දී වාර්තාකරුවන්ට පවසා ඇත්තේ.

ගතවූ වසර කිහිපයේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ඇස්තමේන්තුගත කරන ලද පුංශයේ ලිංගාශ්‍රීත රෝග අනුපාතය 30% කින් පමණ වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.