Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිකරණ නියෝග නොතකා තෙවැනි දිනටත් ක්‍රියාත්මක වන කස්සප හිමියන් ඇතුළු පිරිසේ සත්‍යග්‍රහය

2 weeks ago

රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබියදීත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (නොවැම්බර් 09) තෙවැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසින් මෙම සත්‍යග්‍රහය පෙරේදා (නොවැම්බර් 07) පෙරවරුවේ රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කරනු ලැබීය. එහිදී විරෝධතාකරුවන් අදාළ ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීම හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක්ද හටගෙන තිබිණි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස සත්‍යග්‍රහයේ නිරත පිරිසට අධිකරණය විසින් දැඩි නියෝගයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත්, අදාළ අධිකරණ නියෝගය නොතකා භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වන අතර, ඊයේ (08) රාත්‍රියේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත.