Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බලංගොඩ කස්සප හිමිට වරෙන්තු

2 weeks ago

නීත්‍යානුකූල අවසරයකින් තොරව ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි බලංගොඩ කස්සප හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් අද (11) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙහි සැකකාර කස්සප හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.

මෙහි සැකකරුවන් ලෙස 14 දෙනෙකු පොලිසිය ව්සින් අධිකරණයට නම් කර තිබූ අතර, බලංගොඩ කස්සප හිමි දෙවෙනි සැකකරු ලෙසයි නම් කර තිබුණේ.

මෙහි සැකකරුවන් 9 දෙනෙකුට අධිකරණය නියෝග කළේ,හෙට (12) ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.

අදාළ නඩුව ලබන ජනවාරි 6 වැනිදා යළි කැඳවීමට නියමිතයි.