Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනවාරියේ සිට මාසික ආදායම ලක්ෂය පැන්නොත් බදු! මාසික ආදායම 350,000යි නම් බද්ද 52,500යි! ඊයේ සම්මත වුණ ආදායම් බද්ද ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි!

4 years ago

රුපියල් ලක්ෂයට වැඩි මාසික අදායම් මත 6 % සිට 36 % දක්වා බදු අය කිරීම ජනවාරි මාසයේ සිට සිදු කිරීමට පාර්ලිමේන්තුව අද (09) අනුමැතිය ලබා දී තිබේ.

ඒ, දේශීය අදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරමිනි. 

දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (09) සම්මත වුණේ සංශෝධන සහිතවයි.

පනතට පක්ෂව ඡන්ද 79 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 කි. 

දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීම තුළ ආදායම් බදු වෙනස් වෙන්නේ කෙසේ ද?

මාසික ආදයම රුපියල් ලක්ෂයක් දක්වා නව සංශෝධන තුළින් බද්දෙන් නිදහස් කර තිබේ.

නමුත් ලක්ෂය ඉක්මවන ආදායම් මත 6 % සිට 36 % දක්වා ආදායම් කාණ්ඩ 6 ක් යටතේ බදු අය කිරීමට යෝජිතයි.

ඒ අනුව මසකට රුපියල් 350,000 ක අදායමක් ලබන අයෙකු අදාළ බදු කාණ්ඩ 6 ටම යටත්වන අතර ඔහු මසකට ගෙවිය යුතු බද්ද රුපියල් 52,500 ක් වනු ඇති.