Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වායූ දූෂණ මට්ටම අද නැවතත් ඉහළට

4 years ago

ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) දිනයේ සමහර ප්‍රදේශවල වායූ දුෂණ මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ එය අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව (US AQI) 100 ට ආසන්න අගයක් පවතන බවය.

නමුත් පුත්තලම, යාපනය, මන්නාරම, බදුල්ල යන ප්‍රදේශ කොළ පැහැති මට්ටමේ තිබුණත් අද දිනය වන විට කහ පැහැති මට්ටම දක්වා ඉහළ ගොස් තිබෙනවා. ‍

විශේෂයෙන් කොළඹ හා මහනුවර නගරවල හා උතුරු, වයඹ, බස්නාහිර හා උතුරු මැද පාළාත්වල, නාගරික ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය විටින්විට තරමක් ඉහළ යාහැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙහි බත්තරමුල්ල සහ බදුල්ල ප්‍රදේශවල වැඩි අගයක් පෙන්වනුයේ ඒ ප්‍රදේශයන්ට පමණක් බලපාන හේතූන් මත බවද ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය සඳහන් කළේය.