Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන වසරේ සිට පාසල් සිසුනට හඳුන්වා දීමට සැරසුණු නව විෂය හඳුන්වාදීම අවුලක් බවට පත් වෙයි

4 years ago

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ගුරුවරුන් ගේ සංසදය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය iසුසිල් ප්‍රේමජයන්ත මහාතා ව්සින් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ව්ෂය සාමාන්‍ය පෙළ හර ව්ෂයක් ලෙස ඉදිරියේදි හදුන්වා දෙන බව සහ කෘත්‍රිම බුද්ධිය විෂය 8 ශ්‍රේණියේ සිට ඉහළ පන්ති සදහා ඉගැන්වීම 2023 පාසල් වර්ශයේ සිට අරඔන බව ප්‍රකාශය කර තිබේ.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ව්ෂය සාමාන්‍ය පෙළ හර ව්ෂයක් ලෙස නම් කිරිමට පෙර ගම්බද දුශ්කර පාසල් හි අවම පරිගණක පහාසුකම් නොමැති ගැටලුවට කඩිනම් ව්සදුමක් ලබාදිම අනිවාර්යයෙන්ම සිදුකල යුතුය. ICT ව්ෂය ඉගැන්වීමට ගුරුවරයෙක් සිටින එහෙත් එක් පරිගණකයක් වත් නොමැති රජයේ පාසල් 1270 ක් පමන දිවයින පුරා තිබේ.

එබැවින් ICT වැනි ප්‍රයෝගික ව්ෂයක් සහ කෘත්‍රිම බුද්ධිය වැනි ගැඹුරු තාක්ෂණික සංකල්ප වලින් සමන්විත විෂයක් අධ්‍යන කටයුතු කිරිමට නම් ඉහත සදහන් කල පාසල් සදහා අවම පරිගණක පහාසුකම් හෝ ලබා දීය යුතුය.නැතහොත් සිදුවන්නේ එම පාසල් වල ICT ව්ෂය භාර ගුරුවරයා මානසික පීඩනයකට සහා අපහසුතාවයට පත්වීමය.

තවද 2014 වසරෙන් පසුව සාමාන්‍ය පෙළ ICT ව්ෂය නිර්දේශ සහා ව්ෂය මාලා පුර්ණ වශයෙන් යාවත්කාලින කර සංශෝධනයන් කර නොමැත.එම යාවත්කාලින කිරිම් සහා අදාල සංශෝධන මගින් ප්‍රයෝගික පාඩම් ප්‍රමාණය වැඩ් කිරිම කාලීන වශයෙන් සිදු කිරිමට ජාතික අධ්‍යාපන ආයතනයේ අවධානය යොමු විය යුතුය.

ප්‍රගීත් ව්ජේසිංහ,
ලේකම්,
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ගේ සංසදය.