Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මේ සීතල අතිභයානකයි! දැනටමත්  දරුවන් දෙදෙනකු සීතලට මියගිහින්! අධික සීතලෙන් දරුවන් රැකගැනීමට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්!

4 years ago

දිවයිනට බලපා ඇති ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

මින් එක් දරුවෙකු කන්තලේ රජ ඇළ ප්‍රදේශයේ වයස මාස දෙකහමාරක බිලිඳියක වන අතර අනෙක් දරුවා කන්තලේ පේරාරු ප්‍රදේශයේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි.

මෙම දරුවන් දෙදෙනාම ඊයේ (09) අලුයම මියගොස් ඇති අතර ඉන් එක් දරුවෙකු පෙනහලු ආබාධයකින් පෙළී ඇති බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

තුන් හැවිරිදි පිරිමි දරුවා අධික සීතල දරාගැනීමට නොහැකිවීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා මත මියගොස් ඇති බව වාර්තා වෙයි.

මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඒ හේතුවෙන් අධික ශීතලෙන් දරුවන් ආරක්ෂා කරගන්නා අයුරු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැහැදිලි කළේය.

“ළමයින්ට අධික සීතල තත්ත්වය ඇති විට රෝග කිහිපයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සීතලත් එක්ක ළමා හතිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් මේ දවස්වල එළියට ගන්නවා නම් හොඳට ඇඳුමක් අන්දලා හිස්වැසුමක් දලා මේස් දෙකක් දලා එළියට ගන්න. නැතිනම් සීතල ඇතිවීමත් සමගම පහසුවෙන් උණ රෝග බෝ වෙන්න පුළුවන්.” 

“දූවිලි තත්ත්වය තිබෙන ප්‍රදේශයක නම් මුඛ ආවරණ තවදුරටත් පාවිච්චි කරන්න. අඩු බර නොමේරු දරුවන්ට සීතර එච්චරම හොඳ නෑ. ඒ වගේ ළමුන්ට හොඳට ඇඳුමක් අන්දලා, හිස්වැසුමක් දාලා මේස් දෙකක් දලා තියා ගන්න. අත් දෙකටත් මේස් දෙකක් දාලා රෙද්දකින් ඔතලා තියන්න. නැතිනම් එයාලාගේ ශරීර උෂ්ණත්වය අඩුවෙලා ලෙඩ වෙන්න පුළුවන්.”