මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම 19 හැවිරිදි දියණිගේ අත් දෙක ගැට ගසා සිහිසුන් වන තුරු මුහුණට හා හිසට, පහරදී, බරපතළ ලෙස දූෂණයට ලක් කළ 40 හැවිරිදි පියා (10) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ මව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
දැරිය පාඩම් කරමින් සිටියදී පියා විසින් හිසේ රුදාවක් ඇති බව පවසමින් ඔළුවේ තෙල් ගෑම සඳහා දැරියට අඬ ගසා ඇති අතර දැරිය කාමරයට ගිය පසු එක්වරම දැරිය්ගේ මුහුණ සිඹ ඇති අතර එයට අකැමැති වූ පසුව අත් දෙක ගැට ගසා හිසට සහ මුහුණට පහර දුන් බව දැරිය පොලීසිය වෙත සදහන් කර තිබෙනවා.
ඉන්පසුවද දැරිය බිය ගන්වා වරින් වර අවස්ථා කීපයකදී සැකකාර පියා විසින් මෙම දැරිය දූෂණයට ලක් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙය ඉවසා ගැනීමට නොහැකි තැන දැරිය මෙම සිදුවීම මවට පවසා ඇති අතර මව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මව අසනීප තත්ත්වයෙන් පසු වූ සහෝදරයන් දෙදෙනාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නිවසින් පිටව ගිය අවස්ථාවේදී ප්‍රථමවරට නිවසේ සිටි පියා විසින් තම දැරියට මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසිය සදහන් කරයි.
