Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් යන දරුවන්ට සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම්දීමක්

4 years ago

මේ වන විට එම අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බැවින් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (12) දිනයේ සාමාන්‍ය පරිදි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කෙසේවෙතත් සාමාන්‍ය පරිදි පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ, මේ දිනවල ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතීරීමේ අවධානමක් පවතින බැවින් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළදීම හිතකර බවය.

“මේ දිනවල පවතින සීතල තත්ත්වයත්, දූවිලි තත්ත්වයත් දෙකම නිසා ළමයින්ට වෛරස් උණ රෝග පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා තව දින කිහිපයක් හෝ සති කිහිපයක් හෝ මේ සීතල තියෙන කල් ළමුන්ට මුව ආවරණ දාගෙන පාසල් යන්න පුළුවන් නම් හොඳයි. මොකද ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග මේ දිනවල බහුලයි. ඒ නිසා පාසල්වල, ඩේකෙයාර්වල පහසුවෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ළමුන්ට කැස්ස, හෙම්බිරිසාව තියෙනවා නම් ගෙදර තියා ගන්න. පාසල් යන ළමුන් පුළුවන් නම් මුව ආවරණ භාවිත කිරීම වඩාත් හොඳයි.”