Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලාංකීය බයිලා ගීත කලාවේ රජු දිවි ගමනට සමු දෙයි

4 years ago

“බයිලා ගීත කලාවේ රජු” ලෙස හැඳින් වූ ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා උණ රෝගී තත්ත්වයකින් සිට ඇති ඒ මහතා අද (13) අලුයම රාවතාවත්ත ප්‍රදේශයේ සිය නිවසේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.

මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය.

‘සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ’, ‘කුක්කු කූ කූ කුකුළ අඬනවා’, ‘කිරිදුන්නේ දරුවන්ටයි’, ‘කරුණා සුවඳ තවරාලූ’, ‘කාවඩි බයිලා’, ‘සල්ලි මිටි ගණන්’ ආදී ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.

දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ අද (13) පස්වරුවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ දැනුම් දෙනු ලැබේ.