මාවනැල්ල සහිරා විද්‍යාලය සිය සියවස් සැමරුම අති උත්කර්ෂවත් අන්දමින් සමරා තිබෙනවා.
විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් “Zahira Walk” නමින් පාගමනක් පසුගිය 11 වැනිදා සංවිධානය කර තිබුණා.
මෙම පාගමන සඳහා කි.මි 3.75ක දුරක් තිබුණු අතර පාසලේ විදිහල්පති, ගුරුවරුන්, පාසල් ළමුන්, ආදි ශිෂ්‍යයන් සහ සුභ පතන්නන් සහභාගි වුණා.
83 වැනි ආදි ශිෂ්‍ය කණ්ඩායම (2016 A/L) විසින් මෙතෙක් තිබූ වාර්තා බිඳදමමින් පාසල් ඉතිහාසයේ දිගම පාසල් ධජය මෙම පාගමන සඳහා පිරිනමා තිබුණා.
මෙම පාසල් ධජය මීටර් 244ක් දිගින් යුතු අතර පාසල් ළමුන් 150ක පමණ සහභාගිත්වයෙන් පාගමනේ දී මෙම ධජය ඉතා අභිමානවත්ව ඔසවාගෙන යෑම මෙහි විශේෂත්වයක්.
