Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් රාජ්‍ය ඇමතිවරයෙකුගේ ද්විත්ව පුරවැසියාවට එරෙහිව නඩු!

4 years ago

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතාද ද්විත්ව පුරවැසියකු බව සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා පවසයි.

ඒ හේතුවෙන් ඔහුට ද ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බවත් මැතිවරණ පනත කඩ කර ඇති නිසා ඔහුට විරුද්ධව අධිකරණය හමුවට යන බවත් ඒ මහතා සඳහන් කළේය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ට අදාළ නීති කටයුත්ත අවසන් වූ වහාම සුරේන් රාඝවන් සම්බන්ධයෙන් ද අධිකරණයට යන බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.