Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මවගේ අනියම් සැමියාගේ පා පහරින් හය හැවිරිදි සිඟිත්තා අවසන් ගමන් යයි

4 years ago

මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ ගම්පහ, පහලගම ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් චතුරංග නැමැති 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.

ගම්පහ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන්ට පහරදීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත දරුවා පදිංචිව සිටි පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එම දරුවාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් අද අළුයම 2.30 ට පමණ කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර එම දරුවාගේ මවගේ අනියම් සැමියා වු සැකකරුව ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.