පාසල් සිසුන්ගේ වැරදි චර්යා වළක්වා ගැනීම සඳහා උපකාරී වන අධ්‍යාපනික වැඩසටහනක් ලෙස සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන් සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ.
ඒ අනුව 2023 ජනවාරි මස 4 වනදා සිට මාර්තු 24 දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඉන් අනතුරුව එම වැඩසටහන සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 7.30 සිට පෙරවරු 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ක්‍රියාත්මක කිරීමට සුදානම්ය.
