Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පියා දැක පාර හරහා පැනීමට උත්සහ කළ සත් හැවිරිදි පාසල් සිසුවා වාහනයක ගැටෙයි

4 years ago

මාපුටුගල ජාතික පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි හත් හැවිරිදි පාසල් සිසුවකු පියාගේ දෑස් ඉදිරිපිටදී රත්මල්ගොඩ මැද ගේට්ටුව හංදිය අසලදී ත්‍රි රෝද රථයක ගැටීමෙන් තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව ඉංගිරිය පොලිසිය පවසනවා.

සිසුවා විද්‍යාලයේ සිට පාසල් වෑන් රථයෙන් පැමිණ තවත් සිසු සිසුවියන් පස් දෙනකු සමඟ රත්මල්ගොඩ මැද ගේට්ටුව හංදිය අසලදී පාසල් වෑන් රථයේ සහායිකාව ගේ රැකවරණය මත බැස ඇතැයි පොලිසිය පවසයි

අවස්ථාවේදී තුවාල ලද සිසුවා සහ අනෙක් හයදෙනා වෑන් රථයේ සහයිකාව භාරයේ සිට ඇති අතර මාර්ගය හරහා ඇරලීමට පෙර පියා දුටු සිසුවා එකවරම මාර්ගය හරහා දිව ගොස් තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ පියා ඇතුළු ප්‍රදේශවාසීහු තුවාල ලද සිසුවා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ සිසුවාගේ තත්ත්වය බරපතළ නොමැති බවයි වාර්තා වන්නේ.

පාසල් වෑන් රථය පසුපසින් පැමිණි තිරෝද රථය එයට ඉස්සර කිරීමත් සමග එහි ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර  පාසල් වෑන් රථයේ සහායිකාව ගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැරි බව පොලිසිය සඳහන් කරයි.