Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළමුන් අතර පැතිර යන වෛරස් උණ දරුණු අතට

4 years ago

සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ළමුන්ට නිතර වැළඳීම සාමාන්‍ය තත්ත්වයක් වුවද මේ දිනවල ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු, කොරෝනා ඇතුළු වෛරස් රෝග ගණනාවක් හේතුවෙන් ළමුන් රෝගී වන බවයි කොළඹ රිර්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසන්නේ.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වෙනත් දිනවල දරුවන්ගෙන් දක්නට නොලැබෙන අපහසුතා පෙන්නුම් කරන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙසයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම රෝග වැළඳුණ ළමුන් පාසල් හා පෙරපාසල් යැවීමෙන් වළකින ලෙස ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.