Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යළි නොඑන ගමන් ගිය මංගල

4 years ago

බේරුවල, බඳනාගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බඳනාගොඩ ප්‍රදේශයේ දී අසල තිබූ කොස් ගසක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගොස් තිබෙන්නේ 41 හැවිරිදි ගැමුණු මංගල ජයරත්න නම්, කළුතර ශික්ෂණ රෝහලේ නඩත්තු අංශයේ කාර්මික ශිල්පියෙක් ලෙස සේවය කළ අවිවාහකයෙකි.

සේවය නිම වී සිය මිතුරා නිවසට ඇරලවීම සඳහා යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මිතුරාට ද බරපතළ තුවාල සිදුව තිබේ.

අනතුර සිදුව ඇත්තේ පසුගිය (13) රාත්‍රී 8.30ට පමණයි.