Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රීවරයෙකුගේ පහරදීමෙන් ගුරුවරයෙකූ රෝහල්ගත කරයි

4 years ago

හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතා තමාට පහරදුන් බව පවසමින් බණ්ඩාරවෙල පුනාගල දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයෙකු දියතලාව මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එම ගුරුවරයා පවසන්නේ පාසල තුළට පැමිණ හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමන් මහතා මෙම පහරදීම සිදුකළ බවයි.

පසුගිය දින කිහිපයේ අයහපත් කාලගුණ තත්ත්වය සමඟ විදුහලේ ගොඩනැගිලිවලට හානි සිදුවූ අවස්ථාවේදී ඒවා පිළිසකර කිරීමට ගුරුවරුන් ඇතුළු පිරිසක් ඉරිදා දිනයේ පාසලට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතා සමග හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිද එක්ව තිබුණා.

එහිදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අදාළ ගුරුවරයා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමේ දී හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමන් මහතා ගුරුවරයාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

සෙන්දිල් තොණ්ඩමන් මහතා යනු අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාගේ වැඩිමහලු සහෝදරියගේ පුත්‍රයායි.

ඔහු මීට පෙරද 2015 වසරේදී තැපැල් සේවකයෙකුට පහරදීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුද නිකුත් කෙරුණා.

මීට අමතරව 2014 වසරේදී එවකට පැවති රජයේ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා ගමන් ගත් වාහනය හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන – ෂැනන් ප්‍රදේශයේදි හරස්කර බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෙන්දිල් තොන්ඩමන් දිගින් දිගටම අධිකරණය මඟ හැරීම නිසා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කළා.