කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි තරුෂගේ පියා හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් සිය දිවිසැරිය නිමකරන්නේ තරුෂ පෙරපාසල් යන අවධියේදීය.
තරුෂ ට සිටි එකම සොහොයුරා ද මීට වසර 5කට පෙර ජීවිතක්ෂයට පත්වන්නේ හදිසි අනතුරක් හේතුවෙනි.
එතැන් පටන් දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුවත් තරුෂගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසවූ ඔහුගේ මවද දරුණු පිළිකා රෝගයක් හා ස්නායු රෝගයක් හේතුවෙන් ඔත්පල වී වන්නේ තරුෂගේ ලෝකය තවත් අඳුරට ඇද දමමිනි.
මේ අභියෝගයන්ගෙන් නොසැලී තරුෂ තම යුතුකම් නොපිරිහෙලා ඉටුකරමින් මවගේ වැඩකටයුතු සියල්ලක්ම සිය දෑතින්ම සිදුකරයි.
අධ්‍යාපනයට දැඩි ඇල්මක් දක්වන තරුෂ බාධාවන් රැසක් මධ්‍යයේ වුවත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව උසස් පෙළ හැදෑරීමට වරම් ලැබුවත්, තම මව රැකබලා ගැනීම වෙනුවෙන් සිය පාසල් ගමනද නවතා දමා තිබේ.
තරුෂ පවසන්නේ අසල්වාසීන් ලබාදෙන ආහාරවේලකින් එදාවේළ පිරිමහගන්නා බවය.
අගහිඟකම් රැසක් මැද දිවිගෙවමින් සිය මව වෙනුවෙන් ජීවිතයම කැපකළ මේ බෝසත් පුතණුවන් සමාජයේ සියලුම දරුවන්ට ලබා දෙන්නේ උතුම් ආදර්ශයකි.
“ගෙදර ඉඳන් ජොබ් එකක් කරන ගමන් හරි කොහොම හරි අම්මව බලාගන්න සල්ලියි, මට ඉගෙන ගන්නයි තිබුණා නම් හොඳටම ඇති. එච්චරයි මම ඉල්ලන්නේ. අම්මට හොඳ වෙයි කියනවා. ඉතින් අම්මව හොඳ කරගෙන මට කෙලින් ජීවත් වෙන්න පුළුවන් විදියට සල්ලි කීයක් හරි තිබුණා නම් හරි.”
ඔවුන්ට උපකාරයක් කළ හැකි නම් 0719 037 495 දුරකථන අංකයට කතා කර සම්බන්ධ විය හැකිය.
