Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හැලූ ඉඳුල් දිවෙන් ඉවත් කරන්න නියෝග කළ  විදුහල්පතිනියට ස්ථාන මාරුවක්

4 years ago

සති තුනකට පමණ ඉහතදී පාසලේදී මේසය මත විසිරෙන අයුරින් දිවා ආහාරය ගත් සිසුන් පිරිසකට එම බත් ඇට දිවෙන් ඉවත් කිරීමේ දඬුවමක් ලබාදුන් මාතර දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ගොඩඋඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරියක වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.

විදුහල්පතිවරියගේ මෙම ක්‍රියාකලාපය පාසලේ සිටි වෙනත් අයෙකු විසින් වීඩියෝගත කර ඇත.

සිසුන් ලවා මේස මත විසිරුණු බත් ඇට දිවෙන් ඉවත් කරවීමට විදුහල්පතිවරිය නියෝග කරන ආකාරය එම දර්ශනවල දැක්වේ.

මීට දින කිහිපයකට පෙර මෙම දඩුවම ලබා දී තිබෙන අතර ඊට මුහුණ දී ඇත්තේ එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.