Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෝටර් රථයක් මහ මුහුදට වැටෙයි

4 years ago

මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ධාවනය කළ මෝටර් රථයක් අද(18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මුහුදට පෙරලි අනතුරට ලක් වීමෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයා තුවාල ලබා ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

මෝටර් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ.

අනතුරින් කම්පනයට පත්ව ඇති 50 හැවිරිදි කථිකාචාර්යවරයාව ඒ අවට සිටි පිරිස එක්ව බේරා ගෙන ගොඩට රැගෙන විත් වෛද්‍ය ප්‍රතිකාර සදහා ඔහුව මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.