Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් පිරිසකට විභාග පරීක්ෂිකාවකගේ නොසැලකිල්ලෙන් සිදු වූ අසාධාරණය

4 years ago

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 334,698 දෙනෙකු දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,894 කදී අද (18) පැවැත්වුණා.

මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට මුහුණ දුන් සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුව තිබෙනවා.

එම මධ්‍යස්ථානයේ දී විභාගය ලිවීමට පැමිණ සිටි, නිතලව ඥානීස්වර විද්‍යාලයේ සිසුන් පිරිසකටයි විභාග පරීක්ෂිකාවකගේ නොසැළකිල්ලෙන් මෙම අසාධාරණය සිදුව ඇත්තේ.

අද දිනයේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමුව ලබාදුන් දෙවන ප්‍රශ්න පත්‍රය, විභාග පරීක්ෂිකාවක් ලෙස කටයුතු කළ ගුරුවරියක විසින් විභාගය ලියූ සිසුන් අතර මාරුකර ලබාදීමෙන් මෙම ගැටළුව මතුව තිබෙනවා.

ප්‍රශ්න පත්‍රය ලබා දී පැය භාගයකට පමණ පසු සිසුන් අතර ප්‍රශ්න පත්‍රය මාරුකර ලබාදී බවට දැන ගැනීමත් සමඟ යළිත් එම ප්‍රශ්න පත්‍රය සිසුන්ගෙන් ලබා ගැනීමටයි අදාළ පරීක්ෂිකාව කටයුතු කර ඇත්තේ.

එලෙස ලබාගත් ප්‍රශ්න පත්‍රයේ සිසුන් විසින් සටහන්කර තිබූ පිළිතුරු මකා දමා යළිත් පිළිවෙලට සිසුන් වෙත ලබාදීමට අදාළ විභාග පරීක්ෂිකාව කටයුතු කර ඇති බවයි එම සිසුන්ගේ මව්පියන් චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් තම දරුවන්ට නියමිත කාලය තුළ අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට නොහැකි වූ බවත් එම දරුවන්ගේ දෙමව්පියන් චෝදනා කරනවා.