අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන 57 හැවිරිදි කාන්තාවක සමග ගම්පහ ප්‍රදේශයේ ලැගුම්හලකට ගිය පුද්ගලයෙකු 13දා මිය ගොස් තිබේ.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ එලෙස මියගොස් ඇත්තේ හැත්තෑ හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුට ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවත්ය.
ඔහු සමග ලැගුම්හලට ගිය කාන්තාව එහි සේවකයකුට මේ බව දන්වා ඔහුගේද ආධාර ඇතිව ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත. වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා එම පුද්ගලයා මියගොස් ඇති බව පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි. මියගිය අයගේ පුතකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ගම්පහ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
