නාවික භටයින් 33 දෙනෙකු රැගත් යාත්‍රාවක් තායිලන්ත බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේ දී අනතුරකට ලක්ව අතුරුදන් ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (18) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇති බවයි.
මේ වනවිට එම නාවිකයින් 33 දෙනා අතුරුදන් වුව ද ඔවුන්ගේ කිසිදු සලකුණක සොයාගැනීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ හේතුවෙන් අතුරුදන් වූවන් සොයා තායිලන්ත යුද, ගුවන් හා නාවික ආරක්ෂක අංශ මෙහෙයුම් දියත් කර තිබෙනවා.
HTMS Sukhothai නමැති යුද නෞකාවේ ගමන් කරමින් සිටි මෙම නාවික භටයින් අනතුරට ලක්ව ඇත්තේ එම යාත්‍රාවේ එන්ජිමේ සිදු වූ දෝෂයකින් පසු සිදු වූ අනතුරකින්.
තායිලන්ත වෙරළට සැතපුම් 20ක් පමණ දුරින් මෙම අනතුර සිදු ව තිබෙනවා.
අතුරුදන් වූවන් සෙවීමට හෙලිකොප්ටර් දෙකක් සහ නාවික යාත්‍රා 03ක් යොදා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
