Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වන දිනය ගැන දැනුම්දීමක්!

4 years ago

ඊයේ (18) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළා.

ඒ අනුව උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ඉදිරි දිනක දී ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (18) පැවති ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය තුළ සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් පිටත්කර යැවූ බවද ඒ මහතා පවසනවා.