Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව විදුලි ගාස්තු යටතේ ඒකක 30කට මසකට රුපියල් 3000ක විදුලි බිලක්!

4 years ago

නව විදුලි ගාස්තු වැඩි කිරීම් යටතේ පළමු ඒකක 30 සඳහා ඒකකයකට අය කරන මුදල රුපියල් අටේ සිට 50 දක්වා ඉහළ දැනෙනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

ඒ අනුව පළමු ඒකක 30 වෙනුවෙන් සෑම පාරිභෝගිකයෙකුම රුපියල් 1500 ක් හා ස්ථාවර ගාස්තු සඳහා රුපියල් 1500 ද සමගින් රුපියල් 3,000ක මාසික බිලක් ගෙවිය යුතු වනු ඇතැයිද ඔහු පැවසීය.

මෙම සංශෝධන වලට අදාල විදුලි ගාස්තු සංශෝධන නව පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම සදහන් කරයි.

මෙසේ විශාල වශයෙන් විදුලි බිල වැඩි කරන්නේ විදේශීය පෞද්ගලික සමාගම් වලට බලාගාර විකිණීමේ අදහසින් බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.