Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරයෙකු 09 හැවිරිදි සිසුවෙකුට සවලෙන් පහරදී උඩු මහලෙන් බිමට තල්ලු කරයි! පහර කෑ සිසුවා ජීවිතක්ෂයට!

4 years ago

ගුරුවරයෙකු විසින් හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 09 හැවිරිදි සිසුවෙකුට පහර දී පාසල් ගොඩනැගිල්ලේ උඩු මහලෙන් බිමට තල්ලුකර ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ගඩාග් ප්‍රදේශයේ රජයේ පාසලක මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබෙනවා.

මුත්තප්පා යෙල්ලපා නැමැති ගුරුවරයා විසින්
ඊයේ (19) පෙරවරුවේ භාරත් බාකර් නැමැති
මෙම දරුවාට සවලකින් පහරදී පාසල් ගොඩනැගිල්ලේ පළමු මහලෙන් බිමට තල්ලුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කුමන හේතුවන් නිසා සැකකාර ගුරුවරයා විසින් මෙම අපරාධය සිදුකළේ ද යන්න පිළිබඳව අනාවරණය වී නොමැති අතර, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් සිටින බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ..

සැකකාර ගුරුවරයාට එරෙහිව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ගොනුකර ඇති අතර, සැඟව සිටින සැකකරු සොයා ඉන්දීය පොලීසිය විසින් විමර්ශන ආරම්භකර තිබෙනවා.