Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උත්සව සමය සමරන්න සතොස අත්‍යවශ්‍ය භාණ්ඩවල ගණන් බස්සයි

4 years ago

ලංකා සතොස එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල හෙට (21) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව බීලූනු කිලෝවක් රුපියල් 185ක් දක්වා රුපියල් 5කින් මිල අඩුකර තිබෙනවා.

රතු පරිප්පු කිලෝවක් රුපියල් 7කින් මිල අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 378ක්.

දේශීය ටින් මාළු කිලෝවක මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 480ක්.

කිලෝවක් සතොස මගින් රුපියල් 1780ක මිලකට ලබාගත හැකි අතර එහි මිල අඩු කර ඇත්තේ රුපියල් 15කින්.

තායි හාල්මැස්සෝ කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1110ක්.