Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රියදුරුගේ අධික වේගය බස් නැවතුම්පොළේ සිටි කතුන් තිදෙනෙකුට මරු කැඳවයි

4 years ago

ඊයේ (20) දහවල් කාලයේදී කුරුණෑගල – නාරම්මල මාර්ගයේ බැදිගමවු හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ති‌බේ.

නාරම්මල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ තිබූ බෝක්කුවක ගැටී මාර්ගයේ ඉදිරියට ඇදීගොස් අසල බස්නැවතුම්පොළේ රැඳී සිටි කාන්තාවන් තිදෙනෙකුගේ ගැටී ඇත.

අනතුරින් කාන්තාවන් තිදෙනා බරපතළ තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු මියගොස් ඇති අතර
පසුව එක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, වයස අවුරුදු 56, 59 හා 61ක් වූ බැදිගමුව, නාරම්මල ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.

කාන්තාවන් දෙදෙනෙකුගේ මෘත ශරීර ඥාතීන් වෙත භාරදී ඇති අතර අනෙක් කාන්තාවගේ මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැකිලිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරුව නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.