මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ගණුදෙනු කිරීම සඳහා ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා හි වො ගිණුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව සමඟ ද්විපාර්ශවික ගනුදෙනුවල දී ඉන්දීය රුපියල්වලින් ගණුදෙනු කිරීමේ අවස්ථාව මෙමඟින් උදා වනවා.
ඩොලර් භාවිත කරමින් ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව එමඟින් මග හැරී යනු ඇති.
ඩොලර් අර්බුදයට මුහුණදීමත් සමඟ කලාපයේ රටවල් හයක් ගණුදෙනු සිදු කිරීමේ දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියා.
ඉන්දියාව පාර්ශවයෙන් ඒ සඳහා ක්‍රමවේදයක් සැකසූ බව පසුගියදා ප්‍රකාශ කෙරුණු අතර, ඒ අනුව රුසියාව වෙනුවෙන් වො ගිණුම් 12ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වො ගිණුම් පහක් සහ මුරුසිය වෙනුවෙන් එක් ගිණුමක් විවෘත කිරීමට යි ඉන්දිය මහ බැංකුව අනුමැතිය ලබාදුන්නේ.
