Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආජන්ටිනාව යුද පිටියක් වෙයි! ප්‍රීති සැමරුම් මැද අති වූ ගැටුම් හේතුවෙන් ජීවිත හානි රැසක්!

4 years ago

ලෝක කුසලානය දිනා යළි සිය රට වෙත පැමිණි ආජන්ටිනා කණ්ඩායම පිළිගැනීමේ උත්සවය අතරතුර සිදුවූ අනතුරු හේතුවෙන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුසලානය රැගත් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම ගමන්කරමින් සිටි බස් රථයට මතට පාලමක සිට පනින තරුණයෙකු ඉන් බිමට ඇදවැටෙන වීඩියෝ දර්ශනද මාධ්‍ය වාර්තා කර තිබුණා. එම තරුණයාද ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සැමරුම් අතරතුර ඇතිවූ අනතුරු හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු 5ක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම පිළිගැනීමේ උත්සවය අතරමග නවතා ගුවනින් රැගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ඊයේ දිනයේ මාර්ග වෙත පැමිණ තිබූ ජනතාව ඉන් ඉවත්කිරීමට පොලිස් කැරළි මර්ධන ඒකකය ද කැඳවීමත් සමඟ පොලීසිය සහ මහජනතාව අතර ගැටුම් වර්ධනය වී ඇත.