Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාස 07ක බිළිඳිය සමග උමං මඟක දිවිගෙවන අසරණ පවුල

4 years ago

ර නිවහනක් හැමකෙනෙක්ගේම සිහිනයක් වුවත් එය යථාර්ථයක් බවට පත්කර ගත නොහැකි බොහෝ පිරිසක් අපි අතර නැතිවාම නොවෙයි. 

මේ අපට වාර්තා වූ එවැනි කතාවකි.

ඔබ පේරාදෙණිය ගැටඹේ උමං මාර්ගය භාවිත කරන්නෙක්නම් බිළිඳියක් අතැතිව සිටින මේ යුවළ ඔබට නෙත ගැටෙනවා ඇති. 

මේ පවුලේ කතාව පටන් ගන්නේ මීට මාස 7 කට පෙරයි. 

ගිරාඳුරුකෝට්ටේ කාසන්පිටිය ප්‍රදේශයේ පදිංචි චමින්දට සහ ඇගේ බිරිඳ නිලන්තිට දාව පුංචි දියණිය මෙලොව එළිය දැකීමත් සමග ඔවුන්ට මාපිය පදවිය ලැබී දින 7කට පසු රැඳී සිටි නිවසත් ඔවුන්ට අහිමිව ගොස් තිබේ.

ඒ එම නිවසේ අයිතිය චමින්දගේ වැඩිමහල් සොහොයුරි විසින් පවරා ගැනීම හේතුවෙනි.

එවන් පසුබිමක නිවහනක් නොමැතිව අසරණව සිටින මේ යුවළ කිරිකැටි බිළිඳිය ද රැගෙන කඩපිල් , බස්නැවතුම්, උමං මාර්ග ඇතුළුව නොතැමී ඉන්නට ආරක්ෂිතයැයි සිතෙන ස්ථාන සිය නිවහන කරගෙන තිබුණි.

අදවන විට එවන් ස්ථානවල මේ පුංචි පවුල මාස 7ක් පුරා දිවි ගෙවයි.

සීතලට මෙන්ම අවුරශ්මියෙන් පීඩාවිදින ඔවුන්ගේ පුංචි දියණිය රෝගීවීම නිසා අදවන විට ඔවුන්ගේ නවාතැන පේරාදෙණිය රෝහලට ආසන්න ගැටඹේ උමං මාර්ගයයි.

මේ පවුලේ අසරණකම කොතෙක්ද කිවහොත් මේ පුංචි බිළිඳිය දින 35ක් පුරා ස්නානය කරවා ගත නොහැකිවී තිබෙන්නේ, ඊට අවැසි ජලය ඇතුළු පහසුකම් නොමැති වීමෙනි.

රෝහල්වල රෝගීන් බලාගැනීම සිය වෘත්තීය ලෙස සිදුකරන චමින්ද ගතින් මෙන්ම සිතෙනුත් ශක්තිමත්ය. 

එහෙත් සිය බිරිඳ සහ හත් මස් බිළිඳිය ආරක්ෂිතව තබා යන්නට ස්ථානයක් නොමැතිවීම අද වන විට චමින්දට රැකියාව කරන ගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

“වැඩකට යන්න විදියක් නැතිව ඉන්නේ, වැඩකට යන්න ඕනේ. පොඩි එක්කෙනා තියලා යන්න විදියක් නෑ. මම ඇහැරිලා ඉන්නවා 4 වෙනකල්. පාන්දර 4ට මෙයාව ඇහැරවනවා. මම නිදාගන්නවා පැයක්. එහෙම තමයි ඉන්නේ.”

මේ පුංචි පවුලට නොතෙමී ඉන්නට ස්ථිර නිවහනක් තනාදෙන්නට පරිත්‍යාගශීලි ඔබට හැකිනම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. 

වැඩි විස්තර – 071 9277277
(adaderana)