Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්! LPL තරගාවලිය නොමිලේ නැරඹීමට අවස්ථාවක්!

4 years ago

LPL තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව හිමිවේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C සහ D ප්‍රේක්ෂකාගාරවල පහළ කොටසේ සිට නොමිලේ තරගය නැරඹීම සඳහා ඒ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනු ඇති.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කැන්ඩි ෆැල්කන්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් සුදුසුකම් ලබාත්තේය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතරයි.

තරගය අද (21) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිත අතර එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගය කලම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය. 

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජය වන කණ්ඩායම සමඟ දෙසැම්බර් 22 වනදා ක්‍රීඩා කිරීමට නියමිතය.

ඒ අනුව, අවසන් මහා තරගය දෙසැම්බර් 23 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.