වාද්දුව නගරයේ නවතා තිබු වෑන් රථයක තිබුණු ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
රියදුරු ජංගම දුරකථනය චාජ් කිරීමට සවිකර අසල වෙළෙඳ සැලකට ගොස් එනවිට ගින්න පැතිරී තිබෙන අතර රථය තුළ කිසිවෙකු නොසිටි බැවින් ජීවිත හානි සිදුව නොමැත.
ගින්නෙන් වෑන් රථයේ ඉදිරිපස ක්‍රියාකාරී කොටස් මුළුමනින්ම දැවී තිබුණි.
කළුතර නගර සභාවේ ගිනි නිවන රථය ළගාවන විට ප්‍රදේශවාසීන් ගින්න පාලනය කර තිබුණි .
