උසස් පෙළ අධ්‍යාපනය හැදෑවීමට ඇතුළු වීම සඳහා රුපියල් 10,000ක ගාස්තුව ලබා දීමට නොහැකි නම් පන්සලේ හාමුදුරුවන්ගෙන් හෝ අදාළ මුදල් රැගෙන එන ලෙස කෑගල්ල අධ්‍යාපන කොට්ඨාසයේ ජාතික පාසලක විදුහල්පතිවරයකු සිසුවකුට පැවසූ පුවතක් වාර්තා වනවා.
අදාළ ශිෂ්‍යයා පසුගිය වර පැවති සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 1ක්, බී සාමාර්ථ 5ක් හා සී සාමාර්ථ 03ක් සහිතව විභාගය සමත්ව තිබෙනවා.
පසුව මෙම ශිෂ්‍යයා අදාළ පාසලේම උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවත් ඒ සඳහා ඇතුළු වීමේ ගාස්තු ලෙස රුපියල් 10,000ක් ගෙවිය යුතු බවත් අදාළ විදුහලේ විදුහල්පතිවරයා මෙම සිසුවාට දැනුම් දී ඇති බව සඳහන්.
නමුත් අදාළ සිසුවාගේ දෙමව්පියන් අඩු ආදායම්ලාභීන් වීම හේතුවෙන් අදාළ ග්‍රාමයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් අඩු ආදායම්ලාභී බව තහවුරු කර ගත් ලියුමක් සිසුවාගේ දෙමව්පියන් විසින් ලබා ගෙන තිබෙනවා.
