Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථයක් පෙරළෙයි! එක් අයෙක් මියයයි! 20ක් රෝහලට!

4 years ago

ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථයක් යාපනය, පලෙයි ප්‍රදේශයේදී පෙරළී සිදුවූ අනතුරකින් මගියකු මිය ගොස් තවත් 20 දෙනකුට ආසන්න පිරිසක් රෝහල් ගතකර තිබේ.

අධික වේගය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් බස් රථය පෙරළී ගොස් තිබෙනවා.

බස් රථයේ වේගය නිසාවෙන් බස්රථය පෙරලී යන අවස්ථාවේදී අඩි 100 ක් පමණ දුරක් ඇදී ගොස් ඇති අතර එහිදී එක් මගියකු බස් රථයෙන් විසිවී එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

අනතුරින් තුවාළ ලැබූ පිරිස යාපනය සහ කිලිනොච්චි රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පලෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා..