Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැංකු කිහිපයක ණය පොළී අනුපාත ඉහළට 

4 years ago

වාණිජ බැංකු කිහිපයක් මේ වන විට නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබෙනවා. 

ඒ අනුව වසර දෙකකට අඩු ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා පොලී අනුපාත 3% කින් ඉහළ දමා තිබෙනවා. 
 
ඊට වැඩි කාලයක් පැරණි ණය පහසුකම් සඳහා පොලී අනුපාත 15% ක් වනු ඇති. 
 
ඒ පිළිබඳව කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට බැංකු කිහිපයක් පියවර ගෙන තිබුණා. 
 
එමෙන්ම ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා ද මෙම පොලී වැඩිවීම අදාළ බවයි වාර්තා වන්නේ.