Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අරක්කු පොවා දූෂණය කළ එක්දරු පෙම්වතා අත්අඩංගුවට

4 years ago

රක්වාන පදිංචි අවුරුදු පහළොවක් වයස බාලවයස්කාර පාසල් සිසුවියක ත්‍රීරෝද රථයකින් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දුෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන රක්වාන පොලිස් වසමේ පදිංචි විවාහක එක්දරු පියෙකි.

මෙම සැකකරු මෙම බාලවයස්කාර සිසුවිය දූෂණය කළ පසු ඔහුගේ මිතුරන් දෙදෙනකු ද ඒ අවස්ථාවේම බරපතළ ලෙස ඇය ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සිසුවිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ද රක්වාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මුලින්ම අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු සමඟ මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි