Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාළු මිල පහතට

4 years ago

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මත්ස්‍ය මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව පහත වැටී තිබේ.

ප්‍රමාණවත් තරම් මත්ස්‍ය අස්වනු මේ වනවිට ලැබෙමින් පවතින බවත් උත්සව සමයත් සමඟ පාරිභෝගිකයින් ද යළිත් වැඩි වශයෙන් වෙළඳ සංකීර්ණයට පැමිණෙන අයුරු දක්නට ලැබෙන බවත් එහි තොග ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ පැවසීය.

පසුගිය මාසයේදී තලපත් මසුන් කිලෝග්‍රෑමයක් රුපියල් 3,000කට ආසන්න මිලකට අලෙවි වී තිබෙන බවත් මීට මාසයකට පෙර රුපියල් 600 ත් 700 ත් අතර මිලකට අලෙවි වූ සාලයන් කිලෝග්‍රෑමයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 350කටයි.

ලින්නා සහ බලයා කිලෝග්‍රෑමයක් රුපියල් 800කට මිල දී ගත හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

මේ දිනවල ඉස්සන් සහ දැල්ලන් වැඩි වශයෙන් අලෙවි වන අතර, ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1,500කට මිල දී ගත හැකියි.