Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෑම් කරන් IPL ඉතිහාසය අලුත් කරමින් කෝටි 81කට අලෙවි වෙයි! IPLවෙන්දේසියට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්‍ට සිදු වූ දේ මෙන්න!

4 years ago

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙ පළමු දිනය නිමා වූයේ නව වෙන්දේසි වාර්තා රැසක් ද සමගින්

ඒ අනුව මෙවර පන්ජාබ් කිංග්ස් ක්‍රිකට් කණ්ඩායම් විසින් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම මුදලක් ගෙවා ක්‍රීඩකයකු ක්‍රීඩකයෙකු මිලදී ගැනීමේ වාර්තාව තමන් සතු කර ගත්තා.

ඒ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් පවුම් මිලියන 1.9ක් ගෙවා මිලදී ගැනීමත් සමඟයි.

මේ අතර තවත් එංගලන්ත ක්‍රීඩකයෙකු වූ බෙන් ස්ටෝක්ස් පවුම් මිලියන 1.625කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිල දී ගත් අතර, එංගලන්තය පකිස්තානය පරදා තරග 3-0 ලෙස සමස්ත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගනිද්දී ශතක තුනක් ලබා ගත් හැරී බෘක් එක රැයකින් කෝටිපතියෙකු බවට පත් වුනේ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් පවුම් මිලියන 1.325කට මිළ දී ගැනීමත් සමගයි.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් පවුම් මිලියන 1.75 කට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තවදුරටත් රඳවා ගැනීමට රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම අද කටයුතු කළා.

ඔහු ගියවර වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 10.75ක මුදලකට අලෙවි විය.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ ප්‍රීති සින්ටා හිමිකාරීත්වය දරන පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මගින් රඳවාගත් අතර ඔහුට හිමිවූ මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 50කි.

මේ අතර අද පැවති වෙන්දේසියට මේ වන විට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක, කඩුළු රකින කුසල් මෙන්ඩිස් හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

ඔවුන් කිසිවෙකුත් පළමු වටය තුළදී මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.