Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස්නාහිර පළාත් ගුරුවරුන්ට තෙදිනක මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණුවක්

4 years ago

පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා දරුවන් දැනුවත් කිරීමට මූලික වී ක්‍රියා කිරීම අරමුණු කරගනිමින් බස්නාහිර පළාතේ පාසල් කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන්ට දින තුනක පුහුණු වැඩමුළුවක් පවත්වා තිබෙනවා.

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය තර්ජනය ඇති බවට හඳුනාගත් පාසල් 200ක ගුරු භවතුන් 200 ක් සඳහා සමාජය තුල සුලභව පවතින මත්ද්‍රව්‍ය හදුනාගැනිම, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු හඳුනා ගැනීම සහ පාසල් පද්ධතිය තුල මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම යන කරුණු පිළිබඳව මෙහිදී දැනුවත් කර තිබෙනවා.

2023 නව වසර තුල මෙලෙස පුහුණුව ලැබු ගුරු භවතුන්ගේ මුලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු තුලින් පාසල් මුලික කරගත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉදිරියේදී සියලුම පාසල් ආවරණය වන පරිදි තෝරාගත් ගුරුවරුන් සඳහා මෙම පුහුණුව ලබා දෙමින් සියලුම පාසල්හි මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

දින 03 ක පුහුණු සැසියක් අවසානයේ අද එහි සහතික ප්‍රධානය කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලීය ශ්‍රවණාගාරයේදි සිදු කෙරුණා.

පාසල් අවට ඇති මත්ද්‍රව්‍ය නිෂ්පාදන ලබන ජනවාරි මස පළමුවනදා සිට තදින් පාලනය කරන බවයි එම අවස්ථාවට එක් වූ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙහිදී අවධාරණය කළේ.

බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්වය මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.