Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2023 IPL තරගාවලියට ලාංකික ක්‍රීඩකයින් සිව්දෙනෙක්

4 years ago

2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (23) පැවැත්වුණා.

එහිදී IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් සමත් වූ අතර ඔහුව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දිය රුපියල් කෝටි 18.5 කට මිලදී ගනු ලැබුවා.

මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දසදෙනෙකු ඉදිරිපත් වූ අතර ඔවුන් කිසිවෙකුත් වෙන්දේසියේදී කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම විශේෂත්වයකි.

ඒ අනුව 2023 වර්ෂයේ IPL තරගාවලිය නියෝජනය කිරීම සඳහා අවස්ථාව හිමිවන්නේ ගියවර තරගාවලිය නියෝජනය කළ මේ වර්ෂය සඳහාද එම කණ්ඩායම් විසින් රඳවාගත් ක්‍රීඩකයින් සිව්දෙනාට පමණි.

එම ක්‍රීඩකයින් වන්නේ,

වනිඳු හසරංග – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්
මතීෂ පතිරණ – චෙන්නායි සුපර් කිංග්ස්
මහේෂ් තීක්ෂණ – චෙන්නායි සුපර් කිංග්ස්
භානුක රාජපක්ෂ – පන්ජාබ් කිංග්ස්