Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද උදෑසන මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ඉල්ලීමක්

4 years ago

අද (26) පෙරවරු  9.25 සිට පෙරවරු 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාව දැනුම්දෙයි.

සුනාමි ව්‍යවසනයෙන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ආපදාවට ලක්වූ අතර ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 35,000ක් පමණ වන බව සඳහන් වේ.

තවත් 5,000 ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක පවුල් 235,145ක පුද්ගලයින් 502,456 දෙනෙක් සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්විය.