Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පස්  කන්දෙන් ආ මාරයා දරු දෙදෙනාගේ ජීවිත බිලි ගනී

4 years ago

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුනුවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඝනපති වත්ත ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ(25) දිනයේ ගලක් සහ පස් කන්දක් කඩා වැටී තිබේ.

එම අවස්ථාවේදී පුද්ගලයින් පස්දෙනෙක් එම නිවසේ සිට තිබෙනවා.

කෙසේවෙතත් පොලීසිය සමග ප්‍රදේශවාසීන් එක්ව පස් ඉවත්කර තුවාල ලැබූවන් ඉවතට ගෙන ඇති අතර එහිදී 18 හැවිරිදි තරුණයෙක් සහ 19 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අද උදෑසන සිදුවූ එම අනතුරෙන් තුවාල ලැබූ 12 හැවිරිදි දැරියක් වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.