සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි පාසල් දැරියක දිවි පරදුවට තබා උසස්පෙළ පාසල් සිසුවකු බේරාගත් පුවතක් බිබිල මැදගම 17 කනුව ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙම විරක්රියාව සිදුකර ඇත්තේ මැදගම 17 කනුව පදිංචි මැදගම අමුනේකඳුර ජාතික පාසලේ 12 වසරේ වානිජ අංශයේ ඉගෙනුම ලබන ඩි එම් ලක්ෂිත දිල්ශාන් සිසුවායි.
සැඩ පහරට හසුවි ගසාගෙන යමින් සිටියදි මෙම පාසල් සිසුවා බේරාගෙන ඇත්තේ බිබිල සේනාපතිය පදිංචි නන්නපුරාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දැරියකි.
ඇය මව හා තම බාල සහෝදරයා සමග 17 කනුව ප්‍රදේශයේ පිහිටි සියාගේ දානමය පිංකමක් සඳහා සහභාගිවිමට මැදගම 17 කනුව ප්‍රදේශයේ පිහිටි බෙල්ලන්ඔය හරහා පිහිටි සපත්තු පාලමෙන් එතෙර වෙමින් සිට ඇත.
මිටර් එක හමාරක් පමණ තිබු වතුරට බැස මව පළමුව කුඩා පුතු පාලමෙන් එතෙර කර දෙවනුව මෙම දියණිය අතින් අල්ලාගෙන පාලමෙන් එතෙර වෙමින් සිටියදි දියණියගේ පය ලිස්සා ගොස් මවගේ අතින් ඇය ගිලිහි සැඩ පහරට හසුවි ගසාගෙන ගොස් තිබේ.
දියේ ගිලි ගසාගෙන තම දරුවා බේරාදෙන ලෙස එම ඔය ආසන්නයේ සිටි කිහිපදෙනකුට මෙම මව කෑ ගසා උදව් ඉල්ලා සිටියදි කිසිවකුත් ඉදිරිපත් වි නොමැති අතර එම මව තවත් කුඩා දරුවකු එගොඩ තබා සිටි බැවින් එම දරුවා දියට පනිවි යැයි බියෙන් ඔහුව බේරා ගැනිම සඳහා වහා වහා එගොඩ විමට උත්සහ දරා තිබේ.
එම අවස්ථාවේ මෙම පාසල් සිසුවා වහා එම ස්ථානයට පැමිණී දැරිය ගසාගෙන යන සැඩ පහරට පැන මිටර් 50ක් පමණ දුර සැඩ පහරේ පිහිනා ගොස් මෙම දැරිය අල්ලාගෙන ගොඩට ගෙනවිත් දිවි ගලවාගෙන තිබේ.
