මාවනැල්ල ප්‍රදේශයේදී පුත්‍රයාගේ පහරදීමෙන් පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ,
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාවනැල්ල මාකෙහෙල්වල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ 20 හැවිරිදි වියේ පසුවන පුත්‍රයා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පෙරේදා (25) රාත්‍රියේ මියගිය පුද්ගලයා සිය බිරිඳ සමඟ ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
එහිදී එම ස්ථානයට පැමිණි මෙම පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් සිය පියාට පහරදී ඇති බව මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
මෘත ශරීරය මේ වනවිට කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අත්අඩංගුවට ගත් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පුත්‍රයා ඊයේ (26) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.
මාවනැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
(adaderana)
